චීන නෞකාවේ මගීන් වෙනුවෙන් අනුස්මරණ උත්සව

Image copyright Reuters
Image caption යැන්ග්ට්සි නදිය ආසන්නයට පැමිණ ශෝකය පළ කරන ඥාතීන්

අනතුරට පත් චීන මගී යාත්‍රාවේ සිට ගිලී මිය ගිය මගීන් වෙනුවෙන් ශෝකය පළ කර අනුස්මරණ උත්සව පැවැත්වෙයි.

මිය ගිය මගීන්ගේ සංඛ්‍යාව මේ වන විට හාරසීය තිස් ඒක දක්වා ඉහළ ගොස් තිබේ.

අතුරුදහන් වූ එකොළොස් දෙනකු සොයා සහන සේවකයෝ යැන්ග්ට්සි නදිය පීරමින් සිටිති.

Image copyright EPA
Image caption දොඹකර ආධාරයෙන් ගොඩ ගනු ලැබූ යාත්‍රාව

නදිය ආසන්නයේ පැවැත්වෙන අනුස්මරණ උත්සවය සඳහා මිය ගිය මගීන්ගේ පවුල්වල සාමාජිකයන් එක්දහස් හාරසීයකට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

කුණාටුවකට හසු වී අනතුරට පත් යාත්‍රාවේ සිටි දාහතර දෙනෙක් දිවි බේරා ගත්හ.

මිය ගිය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මළසිරුරු වලින් ලබා ගත් ඩීඑන්ඒ සාම්පල පරීක්ෂාවන් සඳහා යොමු කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර