HSBC බැංකුවේ රැකියා 25,000 ක් කප්පාදු කෙරේ

Image copyright Getty
Image caption වැඩිම රැකියා කප්පාදු කිරීමට නියමිතව තිබෙන්නේ බැංකුවේ මූලස්ථානය පිහිටි බ්‍රිතාන්‍යයේ කාර්යමණ්ඩලය අතරින්

වියදම් කපා හැරීමේ දැවැන්ත ක්‍රියාදාමයක් දියත් කරන බව ලොව ප්‍රධානම බැංකුවක් වන HSBC ආයතනය නිවේදනය කළේය.

වියදම් අඩු කිරීම පිණිස ලොව පුරා රටවල සේවය කරන සිය කාර්ය මණ්ඩලයෙන් රැකියා 25,000 ක් කපා හරින බවයි බැංකුව පවසන්නේ.

බ්‍රසීලයේ සහ තුර්කියේ තමන්ට අයත් සියලුම ව්‍යාපාර විකුණා දමන බව පවසන HSBC බැංකුව, අවදානම් සහගත වත්කම්වලින් ඩොලර් බිලියන තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් අඩු කරන බවද නිවේදනය කළේය.

වැඩිම රැකියා කප්පාදු කිරීමට නියමිතව තිබෙන්නේ බැංකුවේ මූලස්ථානය පිහිටි බ්‍රිතාන්‍යයේ කාර්ය මණ්ඩලය අතරින්.

මූලස්ථානය ලන්ඩනයේ සිට වෙනත් නගරයකට ගෙනයන්නේද යන්න පිළිබඳව මේ වසර අගභාගයේදී තීරණයක් ගැනීමට නියමිතයි.

ලෝකය වෙනස් වී තිබෙන බව පිළිගැනීමට කාලය එළැඹ ඇති බව පැවසූ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටුවර්ට් ගලිවර්, දැන් අවධානය පළ කළ යුත්තේ ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය පිළිබඳව බවත් සඳහන් කළේය.