ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යළි හිස ඔසවන නේපාල සංචාරක කර්මාන්තය

සුප්‍රසිද්ධ ස්මාරක සහ අනිකුත් ප්‍රසිද්ධ ස්ථාන නැරඹීම සඳහා යළි පැමිණෙන ලෙස නේපාල සංචාරක කර්මාන්තය භාර බලධාරීහු විදේශ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් මෙම ඉල්ලීම සිදු කලේ භූමි කම්පා දෙකකින් බරපතළ හානි සිදුවීමෙන් පසු වසා දැමුණ නේපාලයේ සංචාරක පාරාදීස යළි විවෘත කරමින්.

යුනෙස්කෝ සංස්කෘතික අරමුදල විසින් ලෝක උරුම ලෙස නම් කර ඇති ස්ථාන හයක් සංචාරකයන් සඳහා විවෘත කළ බව නේපාල බලධාරීන් කියා සිටියේ කත්මන්ඩු නිම්නයේ පැවති ඉතා විචිත්‍ර උළෙලකදී.

ප්‍රතිසංස්කරණ කටයුතු හරහා ආපදාවට පත් ප්‍රදේශ පිළිසකර කර ඇති බැවින් සංචාරකයන්ට නිරුපද්‍රිතව සිරි නැරඹිය හැකි බවයි බලධාරීන් පවසන්නේ.

භූමි කම්පා දෙකෙන් නේපාලයේ නවදහසක් පමණ මරුමුවට පත් වූ අතර ඓතිහාසික හින්දු සිද්ධස්ථාන ඇතුළු ගොඩනැගිලි දස දහස් ගණනක් විනාශයට පත් විය.