සුඩාන ජනාධිපති දකුණු අප්‍රිකාවෙන් පිටවෙයි

Image copyright AFP

ජන සංහාරයක යෙදුන බවට චෝදනා ලබා සිටින සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර්, රටින් පිට නොවන ලෙසට පනවනු ලැබූ නියෝගය නොතකා දකුණු අප්‍රිකාවෙන් පිට ව ගොස් තිබේ.

ජනාධිපති බෂීර් රටින් පිටවී ඇත්තේ ඔහු අත්අඩංගුවට ගෙන අන්තර්ජාතික අපරාධ අධිකරණයට භාර දිය යුතු ද යන කරුණ සම්බන්ධයෙන් ජොහැන්නස්බර්ග් අධිකරණයක් හමුවේ කරුණු විභාග කරමින් පවතින අතරතුරයි.

අප්‍රිකානු සංගමයේ සමුළුවකට සහභාගි වීම සඳහා ඔහු දකුණු අප්‍රිකාවට පැමිණ සිටියේ ය.

ජනාධිපති බෂීර් අත්අඩංගුවට ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගන්නා තෙක් දකුණු අප්‍රිකාවෙන් පිටවී යෑම පසුගිය ඉරිදා දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් තහනම කරනු ලැබ තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර