මරා දැමුණු අප්‍රිකානු-ඇමරිකානුවන් සිහි කෙරෙයි

Image copyright Getty
Image caption රතු සහ සුදු පැහැති රෝස මල් රැගෙන දෑත් එකට අල්ලා ගෙන ශෝකය පළ කළ පිරිසෙන් කොටසක්

බයිබල් පාඩමකට සහභාගී වෙමින් සිටියදී සුදු ජාතික තුවක්කු කරුවෙකු ගේ වෙඩි ප්‍රහාරයකින් මරා දැමුණු අප්‍රිකානු ඇමරිකානුවන් නව දෙනා වෙනුවෙන් දකුණු කැරොලිනා වේ චාර්ල්ස්ටන් හිදී පැවති සිහිකිරීමේ උත්සවයට දහස් ගණනක් පිරිස් සහභාගී වී සිටියහ.

රතු සහ සුදු පැහැති රෝස මල් රැගෙන දෑත් එකට අල්ලා ගෙන සිටි එම පිරිස තම ශෝකය පළ කළේ පුරවැසි අයිතිවාසිකම් බිඳ දැමීමට එරෙහි විරෝධතා ගීයක් ගයනා කරමින්.

සැවොම එකමුතු වන්නැයි ඉල්ලා සිටි කතෝලික සහ යුදෙව් නායකයන් පවතින තත්වයන් පරාජය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළකළහ.

මෙම සිහි කිරීමේ උත්සවයට ප්‍රථම මේ ඝාතනයන් පිලිබඳ චෝදනා ලබා සිටින සුදු ජාතික තුවක්කු කරු වන ඩිලාන් රූෆ් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ඔහුගේ මිතුරෙකු වන ක්රිස්ටන් ස්ක්රිවන් බීබීසීයට පැවසුවේ නුදුරින් ඇති විශ්වවිද්‍යාලයක සිසුන් මරා දැමීමට තමන්ට අවශ්‍ය බව ඩිලාන් පවසා තිබු බවයි.

එහෙත් එම අදහස පිලිබඳ වැඩිදුර විමසූ විට ඔහු නිහඬ වූ බවයි ඩිලාන් ගේ මිතුරා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර