ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිරට ඇඳීම හැඩයි; ඒත් සෞඛ්‍යයට අහිතකරයි

සිරුර තදින් හිර වන සේ සැකසූ ඩෙනිම් කලිසම් හැදීමෙන් මාංශ පේශිවලට සහ ස්නායුවලට දැඩි හානි සිදු වන බව වෛද්‍යවරු පවසති.

හිර ඩෙනිම් කලිසමක් හැඳ බර වැඩක යෙදුණු ඕස්ට්‍රේලියානු කාන්තාවක් ආබාධයට පත් වීමත් සමගයි ඒ බව නිවේදනය කෙරුණේ.

ආබාධයට ලක් වූ තිස් පස් හැවිරිදි කාන්තාවගේ පාද දැඩි ලෙස ඉදිමී තිබුණි.

‘ඇගේ වළලුකර හොලවන්නවත් බැරිවයි තිබුණේ. ඇය ඇවිදින්න උත්සාහ කළා නම් ඇද වැටෙන්න ඉඩ තිබුණා’ මෙල්බර්න් නුවර වෛද්‍යවරියක් පැවසුවාය.

ලොව වටා විලාසිතා ප්‍රිය කරන්නන් සිරුර තදින් හිර කෙරෙන ඩෙනිම් කලිසම් ඇඳීමට ආශා කරති.