උෂ්ණත්වය දරාගත නොහැකිව '700 ක් මියගිහින්'

Image copyright AFP
Image caption රාමදාන් උපවාසය අත්හරින මෙන් ඉස්ලාම් පූජකවරුන් දිලින්දන්ගෙන් සහ කම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ

අධික උෂ්ණත්වය දරාගත නොහැකිව පාකිස්තානයේ කරච්චි නුවර 700 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ බව වාර්තාවීමෙන් අනතුරුව සින්ද් ප්‍රාන්ත ආණ්ඩුව කරච්චි නුවර වැසියන්ට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

කරච්චි නගරයට මේ අධික උෂ්ණත්වය බලපා තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන් රාමදාන් උපවාසය සමරමින් සිටියදී.

රාමදාන් උපවාසය අත්හරින මෙන් ඉස්ලාම් පූජකවරුන් දිලින්දන්ගෙන් සහ එළිමහනේ සේවය කරන කම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කරච්චි නුවර නිරන්තරයෙන් විදුලි බලයද කපා හැරීම හේතුවෙන් වායු සමීකරණ යන්ත්‍ර සහ විදුලි පංකා භාවිත කිරීමත් දුෂ්කරයි.

තදබල උණුසුමෙන් බරපතලම ලෙසින් පීඩාවට පත්වූ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක 40 ට අඩු ප්‍රමාණයකට පහල වැටී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර