නේපාලයට ඩොලර් බිලියන තුනක මූල්‍යාධාර

Image copyright AFP

භුමිකම්පාවෙන් විපතට පත්වූ නේපාලය යළි ගොඩ නැගීමට සහය වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඩොලර් බිලියන තුනක මූල්‍යාධාර ලබා දීමට ප්‍රතිඥා දෙයි.

එම මූල්‍යාධාරවලින් අඩක්ම ලැබෙන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන්.

තමන්ට ඩොලර් බිලියන හතක් පමණ අවශ්‍ය කරන බවයි නේපාලය කියා සිටින්නේ.

විපතට පත් දස දහස් ගණන් ජනතාවගේ හදිසි අවශ්‍යතා නොතකා නේපාල රජය දිගු කාලීන ඉදිකිරීම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙළඹී සිටීම ගැන ජාත්‍යන්තර සංවිධාන සහ ආධාර දෙන රටවල් සිය කනස්සල්ල පල කොට තිබේ.

එසේම නිලධාරි වාදය මෙන්ම දුර්වල සැලසුම් හේතුවෙන් නේපාලයට ලබා දෙන මූල්‍යාධාර යටි මඩි ගැසීමට ඉඩ ඇති බවටත් එම ආයතන සිය අවධානය යොමු කොට තිබේ.