ගුජරාත් ගංවතුරෙන් ජීවිත විනාශයක්

Image copyright MINISTRY OF DEFENCE

ධාරානිපාත මෝසම් වර්ෂා හේතුවෙන් ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ඇති වී තිබෙන ගංවතුර නිසා හැත්තෑවකට අධික පිරිසක් මරණයට පත් වී ඇති බව වාර්තා වෙයි.

ඉන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ නායයාම් ඇති වීම සහ නිවාස කඩා වැටීම නිසයි.

Image copyright MINISTRY OF DEFENCE

නව දහසකට අධික පිරිසක් උස් බිම් කරා ගෙන ගොස් ඇති අතර ඉන් දහසක් පමණ දෙනා එම ස්ථානවලට ගෙනැවිත් ඇත්තේ හෙලිකොප්ටර් යොදා ගනිමින්.

මෙම ගංවතුර උවදුර නිසා වැඩිම හානියක් වී ඇත්තේ ගුජරාත් ප්‍රාන්තයේ ගොවීන්ටයි.

Image copyright MINISTRY OF DEFENCE

ඔවුන් ගේ අස්වනු සහ දේපළ සම්පුර්ණයෙන් ම පාහේ ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

බේරා ගැනීමේ කණ්ඩායම් සහ සහන සේවකයන් එම ප්‍රදේශවලට යවා ඇති බව බලධාරීහු පවසති.

Image copyright MINISTRY OF DEFENCE