ටියුනීසියාවේ මුස්ලිම් පල්ලි 80 ක් වසා දැමෙයි

Image copyright Reuters
Image caption ඇතැම් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කරන බවයි අගමැතිවරයා පවසන්නේ

කලහකාරී තත්වයන් ඇති කිරීමට පෙළඹවීම් ඇතිවිය හැකි බැවින් එළැඹෙන සතියක කාලය පුරා මුස්ලිම් පල්ලි අසූවක් වසා දමන බව ටියුනීසියානු බලධාරීහු පවසති.

සංචාරක වේශයෙන් පැමිණි අයෙකු විසින් විදේශ සංචාරකයන් වැඩි දෙනෙකුගෙන් සමන්විත තිහක පමණ පිරිසක් සෝසි හි වෙරළාසන්න නිවාඩු නිකේතනයක දී වෙඩිතබා ඝාතනය කරනු ලැබීමෙන් පසුවයි මෙසේ මුස්ලිම් පල්ලි වසා දැමීමට තීරණය කර ඇත්තේ.

මෙම සිදුවීමේ දී ආරක්ෂක හමුදාවන් විසින් තුවක්කුකරු මරා දමනු ලැබිණි.

ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කරුවන් පවසන්නේ ඔවුන් මේ ප්‍රහාරය පිටුපස සිටි බවයි.

ටියුනීසියානු අගමැති හබිඩ් එසිද් පැවසුවේ රජයේ පාලනයට පිටින් ඇති ඇතැම් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කරන බවයි.

රට පුරා අමතර ආරක්ෂාවක් ලබා දීම පිණිස අතිරේක හමුදාවන් කැඳවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර