කුවේට් ප්‍රහාරය: 'බෝම්බකරු සෞදි ජාතිකයෙක්'

Image copyright AFP

කුවේටයේ ෂියා මුස්ලිම් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සෞදි ජාතිකයෙකු බව කුවේට් බලධාරීහු පවසති.

විසි හත් දෙනෙකු පමණ මරණයට පත් කළ මෙම ප්‍රහාරය සිදු වූයේ පසුගිය සිකුරාදා යි.

කුවේට් බලධාරීන් මේ වන විට බෝම්බ කරුගේ නම ගම ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඔහු ගුවන් මගින් කුවේටයට පැමිණ ඇත්තේ ප්‍රහාරයට පැය කිහිපයකට පෙරයි.

Image copyright EPA

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම මේ වන විට භාර ගෙන තිබේ.

මෙවැනි ප්‍රහාර නිසා ගල්ෆ් කලාපය තුළ නිකායික ගැටුම් තවදුරටත් ඉහල යාමට ඉඩ ඇතැයි බිය පළ වෙයි.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පසුගිය මාසයේ දී සෞදි අරාබියේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

Image copyright BBC World Service