ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ග්‍රීසියේ මූල්‍ය අර්බුදය ලෝක ආර්ථිකයට අනතුරු අඟවයි

රීසිය සිය රටේ බැංකු වසා තැබීමට සහ ප්‍රාග්ධන පාලනයට පියවර ගැනීමත් සමඟ ආසියාවේ සහ යුරෝපයේ කොටස් වෙළෙඳ පොලේ මිල විශාල අවපාතයකට ලක් වෙමින් ඇත.

එවැනි තත්වයක් උද්ගත වුනේ ග්‍රීසියේ බැංකුවලට හදිසි අරමුදල් සැපයීම තව දුරටත් සිදු නොකිරීමට යුරෝපා මහ බැංකුව තීරණය කිරීමත් සමඟයි.

අද (29) ගනු දෙනු ආරම්භයේ දී යුරෝපයේ බොහෝ කොටස් වෙළෙඳ පොල වල මිල 4% කින් පහත වැටී තිබුණි.

එහෙත් පසුව එක්තරා මිලවැඩි වීමක් එම කොටස් වෙළෙඳ පොළවලින් වාර්තා විය.

ආසියානු කොටස් වෙළෙඳ පොලවලත් අද ගනුදෙනු නිම කෙරුණේ සැලකිය යුතු මට්ටමේ මිල පහත වැටීමක් සහිතවයි.

මෙම සතිය තුළ සිය රටේ බැංකු වසා තබන බව ග්‍රීක් බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇත.

‘ඇතැන්ස්’ නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ, ගනුදෙනු කරුවන් බැංකු කාර්ඩ් උපයෝගී කර ගනිමින් මුදල් ලබා ගන්නා යන්ත්‍ර දවසේ මධ්‍යාහ්නය වනතෙක් අක්‍රිය කිරීමක්ද සිදු කෙරෙමින් පවතින බවයි.

මධ්‍යාහ්නයේ දී එම යන්ත්‍ර මුදල් ලබා ගැනීමට විවෘත කරනු ලැබුනත් එක ගනුදෙනුකරුවකුට දිනකට ලබා ගත හැකි මුදල් ප්‍රමාණය යුරෝ හැටකට සීමා කොට ඇත.

එහෙත් විදේශීය බැංකු කාර්ඩ් හිමියන්ට එම සීමාව බල නොපැවැත්වෙයි.