ඉන්දියාවේ පාසල් අධ්‍යක්ෂවරයකුට පහර දී මරා දැමෙයි

ඉන්දීය පාසල් සිසුන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් කෝපයට පත් බිහාර් ප්‍රාන්තයේ කලහකාරී පිරිසක් සිසුන් ඉගනුම ලැබූ පාසලේ අධ්‍යක්ෂවරයාට පහර දී මරා දමති.

කලහකාරීන් විසින් පයින් සහ පොලුවලින් පහර දී පාසල් අධ්‍යක්ෂවරයා මරා දමා තිබිණි.

අධ්‍යක්ෂකරයාගේ පෞද්ගලික පාසලට සහභාගී වූ සිසුන් දෙදෙනකුගේ මළ සිරුරු ඇළක තිබී සොයා ගැනීමත් සමගයි ප්‍රහාරය සිදුව ඇත්තේ.

Image caption කලහකාරීහු රථවාහන දෙකකටද ගිනි තබා තිබේ

පාසල් සිසුන් දෙදෙනා ඝාතනය කළ බවට ගම් වැසියෝ පාසලේ ගුරුවරුන්ට චෝදනා කරති.

සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.