ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සූර්ය ශක්තියෙන් පියාසර කරන යානය යළි ගමන් අරඹයි

සූර්ය බල ශක්තිය යොදා ගනිමින් ලොව වටා සංචාරයක නිරත වීමේ ප්‍රයත්නයක යෙදී සිටින සෝලාර් ඉම්පල්ස් (Solar Impulse Two) යානය සිය ඓතිහාසික ගුවන් ගමන ජපානයේ සිට නැවතත් ආරම්භ කරයි.

නගෝයා ගුවන් තොටුපළින් ගුවන් ගත වූ යානයේ මීළඟ නැවතුම හවායි දූපතයි.

ස්විස් ජාතික ගුවන් නියමු අන්ද්‍රේ බෝශ්බර්ග්ට පැසිෆික් සාගරය හරහා හවායි පිහිටි මීළඟ නැවතුමට ලඟා වීමට පැය එකසිය විසිපහක් ගත වන බව ව්‍යාපෘති පරීක්ෂකයෝ පවසති.

ගුවන් නියමුවාට වරකට නිදා ගැනීමට ඉඩ ඇත්තේ මිනිත්තු විස්සක් පමණයි.

යම් වරදක් සිදු වුවහොත් නියමුවාට ඇති එකම විකල්පය වන්නේ පැරෂුටයක් මාර්ගයෙන් මුහුදට පැනීම පමණයි.

සෝලාර් ඉම්පල්ස් ගුවන් යානයට බලය ලබා දෙන්නේ ඒ තුළ වූ සූර්ය කෝෂ දාහත් දහසකින්.

ඉතා අඩු වේගයකින් පියාසර කරන යානයට උපරිම ශක්තිය ලබාගැනීම පිණිස පැහැදිලි අහසක් තිබීමත් අත්‍යවශ්‍ය සාධකයක්.

අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන මාස දෙකක පමණ කාලයක් ප්‍රමාද විය.

සෝලාර් ඉම්පල්ස් යානයට උපද්‍රවයකින් තොරව හවායි ගුවන් තොටුපල දක්වා පැමිණීමට හැකි වුවහොත් වැඩිම දුරක් සූර්ය ශක්තියෙන් පියාසර කළ ගුවන් යානය ලෙස සෝලාර් ඉම්පල්ස් යානය ඉතිහාසයට එක් වේ.