ඉන්දුනීසියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

ඉන්දුනීසියානු හමුදාවට අයත් ප්‍රවාහන ගුවන් යානයක් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයට කඩා වැටුණු බව එරට බලධාරීහු පවසති.

යානය අනතුරට පත් වන මොහොතේ සියයකට අධික මගීන් පිරිසක් එහි සිට ඇති අතර මේ වන විට මළ සිරුරු හතලිස් නවයක් සොයා ගෙන ඇත.

Image copyright AFP

ගුවන් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු මෙම යානය කඩා වැටී ඇත්තේ නිවාස සහ වෙළඳ සැල් මතටයි.

කඩා වැටීමත් සමඟම එම ගුවන් යානය ගිනි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.