දුම්රිය මගියෙක් සිරුරට ගිනි තබා ගනියි

Image copyright AP

ජපානයේ අධිවේගී දුම්රියක් තුළ සිටි මගියෙකු සිය සිරුරට ගිනි තබා ගෙන දිවි හානි කර ගෙන ඇති බව ජපාන ජාතික රූපවාහිනිය වාර්තා කරයි.

Image copyright AP
Image caption ටෝකියෝ-ඔසාකා මාර්ගයේ සියලුම දුම්රිය ගමන් තාවකාලිකව නතර කර තිබුණි.

මෙම සිද්ධියෙන් එහි සිටි තවත් කාන්තාවක් මිය ගොස් ඇති අතර යටත් පිරිසෙයින් හය දෙනෙකුවත් තුවාල ලබා තිබේ.

ඉහත කී මගියා ගිනි තබා ගැනීමට පෙර සිය සිරුරට ඉන්ධන වත් කර ගෙන ඇති බව දුම්රිය බලධාරීහු පවසති.

මෙම දුම්රිය ටෝකියෝ නුවර සිට ඔසාකා බලා යමින් සිටි අතර ඒ මොහොතේ දුම්රිය තුළ මගීන් දහසක් පමණ සිට ඇත.

පැයට කිලෝ මීටර 320ක වේගයෙන් ගමන් කළ හැකි මෙම දුම්රිය වර්ගය හැඳින්වෙන්නේ ‘බුලට් දුම්රිය’ (Bullet train) නමිනි.

මීට වසර පනහකට පෙර ඇරඹි මෙම අධිවේගී දුම්රිය සේවාව ඉතා ආරක්‍ෂිත සේවාවක් ලෙස සැලකෙයි.