ගල් ගසා මරා දැමීම: අධිකරණ තීන්දුවට කාන්තා කෝපය

Image copyright EPA

ඇෆ්ගනිස්තාන අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියමවූ පුද්ගලයන් හතර දෙනෙකු ගේ දඬුවම් අත්හිටු වීම හේතුවෙන් එරට කාන්තා ක්‍රියාකාරිනියන් කෝපයට පත්වී ඇති බව වාර්තා වේ.

එම සැකකරුවන් හතර දෙනාට මරණ දඬුවම නියම වී තිබුණේ පසුගිය මාර්තු මාසයේ කාබුල් නගරයේ සිදු කෙරුණු කාන්තා ඝාතනයකට වරදකරුවන් වීම හේතුවෙනි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මහජනතාවට විවෘත නොවූ නඩු විභාගයක් පැවති අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරයා පවසන්නේ ලබා දී තිබෙන තීන්දුව යුක්ති සහගත නැති බවයි.

ෆර්කුන්දා නම් එම කාන්තාව එලෙස ඝාතනයට ලක් වූයේ කුරානයේ පිටපතක් පුළුස්සා දැමූ බවට එල්ල වූ සාවද්‍ය චෝදනා හේතුවෙනි.

ෆර්කුන්දා ගල් ගසා ඝාතනය කෙරුණු අතර ඉන් පසු අයගේ සිරුර මතින් කාර් රථයක් පදවා ගෙන ගොස් සිරුරට ගිනි තබා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර