ටියුනීසියානු ප්‍රහාරයේ සැලසුම් හෙළිවෙයි

Image copyright Reuters

ටියුනීසියාවේ සංචාරකයින් තිස් අට දෙනෙකු ඝාතනය කෙරුණු වෙරළබඩ සංචාරක නිකේතනයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ පසුබිම් සැලසුම් හෙළි කර ගැනීමට හැකි වී තිබෙන බව ටියුනීසියා බලධාරීහු පවසති.

ටියුනීසියානු අමාත්‍ය කමෙල් ජෙන්දෞබි කියා සිටියේ පසුගිය සිකුරාදා සිදු වූ මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් අට දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන සැක පිට රඳවා ගෙන සිටින බවයි.

Image copyright AFP

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරය සිය සංවිධානයේ කැරලිකරුවෙකු විසින් සිදු කරන ලද බව ප්‍රකාශයට පත් කොට තිබේ.

ටියුනීසියාවේ බීබීසි වාර්තාකරු කියා සිටියේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාට එතරම් සංවිධානාත්මක ලෙස සහය ලැබීම ඉතා බිය උපදවන සුලු අතර තවත් මෙවන් ප්‍රහාර සිදු වීමට ඉඩ ඇති බවට විශ්වාස කිරීමට එය හේතු සපයන බවයි.

මිය ගිය සංචාරකයන් අතරින් තිස් දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකන් වන බව ලන්ඩනයේ බලධාරීන් මේ වන විට සනාත කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර