බංග්ලාදේශයේ තෙරපීමකින් වීසි දෙදෙනෙක් මරුට

Image copyright AFP

බංග්ලාදේශයේ නොමිලයේ ඇඳුම් බෙදා දීමේ අවස්ථාවකට එක්වීමට හදිසියේ දිව ආ සිය ගණන් පිරිස් එකට තෙරපීම හේතුවෙන් විසි දෙදෙනෙක් මිය යති.

ඉස්ලාමීය ආගමික පිළිවෙතකට අනුව බංග්ලාදේශයේ උතුරු දිග මයිමෙන්සිංග් නගරයේ කර්මාන්ත ශාලාවක බිමේදී දිළිඳු ජනතාවට එම ඇඳුම් බෙදා දීම සිදු කෙරිණ.

රූපවාහිනිය මගින් සිදුවී ඇති ඛේදවාචකය ප්‍රදර්ශනය කෙරුණු අතර කර්මාන්ත ශාලාවේ ගේට්ටුව අවට ළේ තැවරුණු සෙරෙප්පු විසිර ඇති ආකාරයක එහි දක්නට ලැබිණ.

සිද්ධියට අදාලව කර්මාන්තශාලාවේ හිමිකරු ඇතුළු හත් දෙනෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

රාමසාන් උත්සව සමයේදී ධනවතුන් දිළිඳු ජනතාවට මේ ආකාරයෙන් ආධාර කිරීම සිරිතක් වශයෙන් සිදු කෙරේ.