දූෂකයා සමග සමථයකට එන්නැයි කීම වැරදි බව කියයි

Image copyright
Image caption ලිංගික හිංසනය පිළිබද දැඩි නීති රීති තිබුණ ද දූෂණයට ලක්වුවන් බොහෝ විට සම්ප්‍රදායික ආකල්ප අනුව සැලකීමට බඳුන් වන බවයි පැවසෙන්නේ

දුෂණයට ලක්වූ කාන්තාවකට, ඒ පිලිබඳ නඩුව පිලිබඳඇය දුෂණය කළ පුද්ගලයා හා සමථයකට එළැඹිය හැකිවනසේ දී තිබූ නියෝගයක් දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ ඉහළ උසාවියක් මගින් ඉවත් කර ගෙන තිබේ.

එම නියෝගය සහාසික එකක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසුවයි මෙසේ ඉහළ උසාවිය මගින් එය ඉවත්කරගෙන ඇත්තේ.

ඉහළ උසාවියේ විනිසුරු විසින් නියෝග කර ඇත්තේ දූෂණය සිදුවන අවස්ථාවේ දී පහළොස් වැනි වියේ පසුවූ සහ ගර්භිණී බවට පත්වසිටි කාන්තාව සමග සමථයකට එළඹීම පිණිස දූෂකයා ට ඇප ලබා දිය යුතු බවටයි.

වෙනත් මෙවැනි ස්ත්‍රී දුෂණයන් පිලිබඳ නඩු වලදී මෙසේ සමථයකට පත්වීමට අවසර ලබා දීම මගින් දූෂකයා විසින් දූෂණයට ලක්වූ කාන්තාව විවාහ කර ගැනීමේ සතුටුදායක අවසානයක් කරා යොමුවූ අවස්ථා ඇති බවයි විනිසුරුවරයා විසින් අවධාරණය කර ඇත්තේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉන්දියාවේ ක්‍රියාධරයෙකු පැවසුවේ ලිංගික හිංසනය පිළිබද දැඩි නීති රීති තිබුණ ද දූෂණයට ලක්වුවන් බොහෝ විට සම්ප්‍රදායික ආකල්ප අනුව සැලකීමට බඳුන් වන බවයි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර