පසුගිය සතියේදී අප දැන නොසිටි කරුණු දහයක්!

  1. Quidditch ක්‍රීඩාවේ නීති රීති ගැන බ්‍රිතාන්‍ය ජනතාවගේ දැනුම croquet ක්‍රීඩාව පිළිබඳ ඔවුන් සතු දැනුමට වඩා දහසය ගුණයකින් වැඩියි. වැඩි විස්තර සඳහා http://www.mirror.co.uk/news/uk-news/fans-include-downton-diddy-english-6029938
  2. අඳුරු, උණුසුම් කුඩා කාමරයක ගෙත්තම් කරමින් සිටින වින්නඹු මාතාවක සමඟ දැරූ ප්‍රසූතිය වඩා පහසුයි. වැඩි විස්තර සඳහා http://www.newscientist.com/article/dn27773-for-an-easier-birth-stop-thinking-about-it.html?full=true#.VaJIssWwzKF
  3. තුන් වතාවක් F1 මෝටර් රථ ධාවන ලෝක ශූරතාව හිමි කර ගත් නිකි ලාව්ඩා තම මෝටර් රථය දිනපතා නොමිලේ සෝදා ගැනීම සඳහා සිය කුසලාන වාහන සෝදන ස්ථානයට පරිත්‍යාග කර ඇත.
  4. විනාඩි 12 ක් Tetris වීඩියෝ ක්‍රීඩාවේ යෙදී සිටීමෙන් ඊට පෙර දිනයේ මුහුණ දුන් මානසික තිගැස්ම යළි සිහි ගැන්වීම අඩු කර ගත හැක.
  5. ලන්ඩනය වැනි විශාල නගරයක ධාවනය වන බස් රථයක සිටින මගියෙකු සිය ගමන් වාර හතරකින් එක් වතාවක ‘දුර නෑයෙකු’ තමන් අසල වාඩි වී සිටින බව නොදනී.
  6. ෆින්ලන්තයේ ප්‍රසංගයක් නැරඹීමට ගොස් ඉන් සතුටු නොවූ නරඹන්නන්ට ප්‍රවේශ පත්‍රයට වැය කළ මුදල ආපසු ලැබේ.
  7. මී පැටවුන්ට බළලුන්ගේ මුත්‍රා ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙන් එම මීයන් පසු කාලීනව බළලුන්ට දක්වන බිය අඩු වෙයි.
  8. ඔරිගන් ප්‍රාන්තය තුළ ගමන් කරන මගීන්ට පමණක් ගංජා අවුන්සයක් රැගෙන ගුවන් යානයකට ගොඩ වීමට එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් ගුවන් තොටුපල අවසර ලබා දෙයි.
  9. ටේලර් ස්විෆ්ට් ගේ ප්‍රසංග වලට පැමිණෙන ඡායාරූප ශිල්පීන් ගන්නා ඡායාරූප එක් වරක් පමණක් පළ කර ඒවා කැමරාවෙන් මකා දමන බවට ගිවිසුම් අත්සන් කළ යුතුය.
  10. බොහෝ ‘කම්කරු කුහුඹුවෝ’ වැඩ කිරීමේදී අතිශය කම්මැලි කමක් දක්වති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර