BBC අනාගතය හමුවේ ගැටළු?

Image copyright PA

බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ (BBC) අනාගතය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

බ්‍රිතාන්‍යයේ සංස්කෘතික කටයුතු පිලිබඳ ඇමති ජෝන් විටින්ගේල් (John Whittingdale) පාර්ලිමේන්තුවට පැවසුවේ බීබීසිය වඩාත් කේන්ද්‍ර ගත මෙහෙවරක් ඉටු කළ යුතුද යන්න ගැන සලකා බැලිය යුතු බවයි.

එසේම මාධ්‍ය ආයතනයේ අරමුණු, අරමුදල් සම්පාදනය සහ ආයතනයේ පාලනය කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුතුව ඇති බවයි ‘Green Paper’ නමින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලියවිල්ලෙන් ඇමතිවරයා කියා සිටියේ .

ඊට ප්‍රතිචාර දක්වමින් බීබීසිය කියා සිටින්නේ, වැඩ සටහන් කප්පාදු කරන ලද සන්නිවේදන ආයතනයක් ලෙස කටයුතු කිරීමට රජය බීබීසියට යෝජනා කිරීම බ්‍රිතාන්‍යයට යහපත් නොවන බවයි.