ගුවන් තීරය ආක්‍රමණය කිරීම - ඉන්දියාවට විරෝධය

Image copyright Pakistani Military

පාකිස්තාන බලධාරීන් එරට සිටින ඉන්දීය තානාපතිවරයා කැඳවා නියමුවන් රහිත ඉන්දියානු ගුවන් යානයක් පකිස්තාන ගුවන් තීරය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කොට තිබේ.

තමන් නියමුවන් රහිත ගුවන් යානය වෙඩි තබා බිම හෙලු බව පාකිස්තාන යුද හමුදාව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී ගුවන් යානය මගින් මත භේදයට තුඩු දී තිබෙන කාශ්මීර කලාපයේ ජායාරුප ගනිමින් සිටි බවයි පාකිස්තාන යුද හමුදාව පැවසුවේ.

කාශ්මීර දේශ සීමාවේ තම කාන්තා යුද හමුදා ආරක්ෂක නිලධාරිණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ බදාදා ඉන්දියාවෙන් පාකිස්තාන රජයට විරෝධය පල විය.

මේ අතර ලබන වසරේ පැවැත්වෙන කලාපීය සමුළුවකට සහභාගි වන ලෙස පාකිස්තාන අගමැති නවාස් ෂරිෆ් විසින් කරන ලද ආරාධනය ඉකුත් සති අන්තයේ දී ඉන්දීය අගමැතිවරයා විසින් පිළිගෙන තිබේ.