ඉරාකයේ කාර් බෝම්බ ප්‍රහාරයට සිය ගණනක් බිලි

නැගෙනහිර ඉරාකයේ වෙළෙඳ පොලක පුපුරා ගිය කාර් බෝම්බයකින් මිය ගිය සංඛ්‍යාව 120 බව ඉරාක බලධාරීහු පවසති.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් 130 දෙනෙකු තුවාල ලැබූ බවත් දියාලා (Diyala) පළාත් සභාව ප්‍රකාශ කළේය.

රාමසාන් උත්සවය අවසානයේ, පළාතේ ඛාන් බානි සාඩ් (Khan Bani Saad) නගරයේ පිරිස් සාප්පු සවාරි යමින් සිටියදීයි බෝම්බය පුපුරා ගියේ.

Image copyright AFP

බෝම්බයේ ප්‍රබලතාව හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් බිමට කඩා වැටී තිබේ.

එම ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව ඉස්ලාමීය රාජ්‍යය කැරලිකාර කණ්ඩායම ප්‍රකාශ කළේය.