චීන ජනාධිපති කාර්යාලයේ හිටපු නිලධාරියකුට නඩු

Image copyright Reuters

චීනයේ ජනාධිපති කාර්යාලයේ හිටපු නිලධාරියකුට එරෙහිව දූෂණ සහ ලිංගික චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

ලින්ග් ජි හුආ (Ling Jihua) නැමති එම නිලධාරියා සම්බන්ධයෙන් අසන්නට ලැබුණේ 2012 වසරේ ඔහුගේ පුත්‍රයා ෆරාරි (Ferrari) මෝටර් රථයක් පදවා ගෙන යමින් සිටියදී සිදුවූ මෝටර් රථ අනතුරක් සමඟයි.

එම අනතුර සිදුවන විට මෝටර රථයේ අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනකු ද සිට බව වාර්තා විය.

මෙම සිද්ධිය වසන් කිරීමට තැත් දරා ඇති බවට ලින්ග් ජි හුආ ට (Ling Jihua) විරුද්ධව චෝදනා එල්ල කොට තිබේ.

තම දේශපාලන බලය මත ලින්ග් ජි හුආ (Ling Jihua පවුලේ සාමාජිකයන්ට මූල්‍යමය වාසි ලබා ගැනීමට ඉඩ දී ඇති බව සහ පක්ෂයේ නීති කඩ කරමින් ඔහු නීති විරෝධී සම්බන්ධතාවන් පවත්වා ගෙන ගොස් ඇති බව කොමියුනිස්ට් පක්ෂය මාස හතක් පුරා කළ පරීක්ෂණයකින් හෙළිවී ඇත.

දූෂණයට එරෙහිව ගෙන යන ව්‍යාපාර මගින් දේශපාලන අර්බුද මකා ගැනීමට යත්න දරන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.