PKK කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර

Image copyright AP

ඉරාකයේ පිහිටි PKK නමින් හැඳින්වෙන කුර්දි බෙදුම්වාදී සංවිධානයට අයත් කඳවුරුවලට තුර්කිය විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට තිබේ.

2013 දී බෙදුම්වාදී සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹීමෙන් පසු තුර්කිය ඔවුන්ට එරෙහිව පහර දීමට පියවර ගත්තේ ඊයෙයි. තමන් එළඹී සටන් විරාමය තවදුරටත් අර්ථ විරහිත බවයි PKK බෙදුම්වාදී සංවිධානය ප්‍රකාශ කළේ.

Image copyright AP

ඉකුත් පැය විසි හතර ඇතුළත PKK සංවිධානයට සහ IS ඉස්ලාමීය රාජ්‍ය කැරලිකාර සංවිධානයට අයත් 600 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගත් බව තුර්කි අගමැතිවරයා පැවසුවේය.

තුර්කි ප්‍රහාරක යානා සිරියාවේ IS ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ ඉලක්කවලටද පහර දෙන බව ඔහු ප්‍රකාශ කළේය.