තලිබාන් නායකයා මිය ගිය බව තහවුරු කෙරේ

Mullah Omar
Image caption තලිබාන් නායක මුල්ලා ඕමාර්

තලිබාන් නායක මුල්ලා ඕමාර් මිය ගොස් ඇති බව ඇෆ්ගනිස්තාන් ජනාධිපතිවරයා තහවුරු කරයි.

මුල්ලා ඕමාර් මීට වසර දෙකකට පෙර පාකිස්තානයේදී මිය ගොස් ඇති බවට විශ්වාස කළ හැකි තොරතුරු ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ පිළිබඳව තලිබාන් සංවිධානයෙන් ප්‍රකාශයක් නිකුත් වී නොමැත.

මාස ගණනාවක් තිස්සේ මුල්ලා ඕමාර් ජීවතුන් අතර සිටින්නේද නැද්ද යන්න පිළිබඳව විවීධ කට කථා පැතිරෙමින් තිබිණ.

මේ කටකථා පැතිර ගියේ ඇෆ්ගනිස්ථානු ආණ්ඩුව සාම සාකච්ඡා ආරම්භ කිරීමේ දැඩි උත්සහයක නිරත වන අතරවාරයේදීය.

තලිබාන් ව්‍යාපාරයේ නිළ නොලත් නායකයා සේ සැලකෙන අක්තාර් මොහොමඩ් අභ්‍යන්තර බල අරගලයකට මුහුණදී සිටින බව පකිස්තාන මාධ්‍යවේදී රහිමුල්ලා යුසුෆ් කියා සිටියේය.

රහිමුල්ලා යුසුෆ් වාර්තා කරන පරිදි සාම සාකච්ඡාවලට විරෝධය පලකරන පිරිස් අක්තාර් මොහොමඩ් ගේ නායකත්වයට අභියෝග කොට ඇත.