තාලිබාන් සංවිධානය දෙකඩ වන ලකුණු

Image caption මුල්ලා අක්තාර් මන්සූර්

තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන රජය සමග සාම සාකච්චා පවත්වන බවට ඉදිරිපත්ව තිබු යෝජනා සම්බන්ධයෙන් සිය අදහස් වෙනස් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තාලිබාන් නිර්මාතෘ සහ නායක මුල්ලා ඔමාර් මියයාමෙන් පසු නායකත්වයට පත් වූ බවට ප්‍රකාශ කළ මුල්ලා අක්තාර් මන්සූර් විසින් ඒබව සඳහන් හඬ පටයක් නිකුත් කර තිබේ.

නව නායක මුල්ලා අක්තාර් මන්සූර් විසින් නිකුත් කළ හඬ පටයේ කියවෙන්නේ සිය සංවිධානය දිගින් දිගටම සටන් කරන බවයි.

Image copyright Getty

ඇෆ්ගනිස්තාන රජය සමග සාම සාකච්ඡා පවත්වන බවට පල කෙරුණු තොරතුරු සිය සතුරා විසින් පතුරවන ලද කතාවක් වන අතර සිය ස්ථාවරය වෙනස් නොවන බවත් හඬ පටයේ සඳහන්.

ඇෆ්ගනිස්තාන රජය සහ තාලිබාන් සංවිධානයේ නියෝජිතයන් සමග පසුගිය මාසයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ සාකච්ඡා වැලක් වීමට මුල්ලා අක්තාර් මන්සූර් කටයුතු කළ බවයි විශ්වාස කරන්නේ.

'නායකත්වය පිළිගන්න බැහැ'

එම හඬ පටය තාලිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා සබියුල්ලා මුජාහිඩ් විසින් මාධ්‍ය ජාල වෙත එවා තිබෙන බවයි වාර්තා වන්නේ.

Image copyright EPA
Image caption තලිබාන් හිටපු නායක මුල්ලා ඔමාර්

නමුත් ඇෆ්ගනිස්තාන ඉහළ තාලිබාන් නායකත්ව මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක මුල්ලා අබ්දුල් මනාන් නියාසි බීබීසියට කියා සිටියේ නව නායකයා පත් කිරීමේ දී ඉහළ තාලිබාන් නායකත්ව මණ්ඩලයේ අනුමැතියක් ලබා ගෙන නොමැති බැවින් මෙම පත් කිරීම පිළිගත නොහැකි බවයි.

මුල්ලා ඔමාර් වැනි නායකයෙකු නැවත සොයා ගැනීමට තාලිබාන් සංවිධානයට නොහැකි වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

නායකත්ව අර්බුධය හේතුවෙන් මේ වන විට තාලිබාන් සංවිධානය දෙකඩ වීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර