තාලිබාන් නව නායකයාගෙන් පණිවිඩයක්

Image caption නව නායක මුල්ලා අක්තාර් මන්සූර් (වමේ) සහ මිය ගිය නායක මුල්ලා ඔමාර් (දකුණේ)

දිගටම සටන් කරන බවත් ඒ සඳහා එක්සත් වන ලෙසත් ඇෆ්ඝන් තලිබාන් ව්‍යාපාරයේ නව නායක මුල්ලා අක්තාර් මන්සූර් හඬ පටයක් මගින් පණිවිඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

මුල්ලා මන්සුර් ඇෆ්ඝන් තාලිබාන් සංවිධානයේ නව නායකයා ලෙස පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් වුනේ හිටපු නායක මුල්ලා ඕමාර් මිය ගොස් ඇති බව සනාථ වීමෙන් පසුවයි.

Image copyright Reuters
Image caption ඇෆ්ඝන් පාර්ලිමේන්තුවට තාලිබාන් ප්‍රහාරයක් එල්ල වුනේ පසුගිය ජුනි මාසයේ

නමුත් මුල්ලා මන්සුර් නායකත්වයට පත් වී ඇත්තේ මුළු සංවිධානයේම අනුමැතියකින් තොරව බව තාලිබාන් ප්‍රකාශකයෙකු බීබීසී වාර්තාකරුවෙකුට පවසා ඇත.

සටන් කරුවන් එක්සත් විය යුතු බවත් ඉහල තනතුරු අතර බෙදීම් ඇති වීම සතුරන්ගේ සතුටට හේතුවනු ඇති බවත් නව නායකයා නිකුත් කර ඇති පණිවිඩයේ සඳහන් වෙයි.

Image copyright BBC World Service
Image caption ඇෆ්ඝනිස්තානයේ තාලිබාන් සටන්කරුවෝ

රට තුළ ඉස්ලාමීය පාලනයක් ස්ථාපිත කරන තුරු තම ජිහාඩ් සටන දිගටම කර ගෙන යන බව ද එම පණිවිඩයෙන් පැවසෙයි.

විනාඩි තිහක් පුරා දිවෙන මෙම හඬ පටයේ එක් අවස්තාවක බිළිඳෙකු හඬන ශබ්දයක් ද ශ්‍රවණය කළ හැකිය.