ඉන්දියාවේ මාරාන්තික දුම්රිය අනතුරක්

Image copyright Getty

මධ්‍යම ඉන්දියාවේ ගඟක් හරහා වූ පාලමක් පසු කරමින් ගිය දුම්රිය දෙකක් පීලි පැනීමෙන් දුම්රිය පෙට්ටි කිහිපයක් ගංගාවට ඇද වැටෙයි.

අඩු වශයෙන් විසි හත් දෙනෙකු මිය ගොස් ඇති බවයි නිලධාරීන් පැවසුවේ.

තවත් සිය ගණනකගේ දිවි බේරා ගෙන ඇත.

දින ගණනාවක් මුළුල්ලේ පවතී අධික වර්ෂාව හේතුවෙන් හට ගත් ගංවතුර නිසා බේරා ගැනීමේ කණ්ඩායම් වල කාර්යයන් දුෂ්කර වී තිබේ.

දුම්රිය සේවයේ ප්‍රකාශකයකු බීබීසියට පැවසුවේ මෝසම් වැසි හේතුවෙන් ගංගාවේ ජල මට්ටම ඉහල ගොස් දුම්රිය මාර්ගය ජලයෙන් යටවී ගොස් ඇති බවයි.