ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'සවුඩලෝ' චණ්ඩ මාරුතය චීනයටත්

'සවුඩලෝ' චණ්ඩ මාරුතය නැගෙනහිර චීනය හරහා හමා යෑමත් සමග ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් නව දෙනකු මරුමුවට පත් වී ඇතැයි චීන බලධාරීහු පවසති.

චීනයේ අග්නිදිග කලාපයේ පහත් බිම්වල වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වැසියන් චණ්ඩමාරුතය හමා ඒමට පෙර එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.

වෙරළාශ්‍රිත ප්‍රදේශවල පැය විසිහතරක් ඇතුළත මීටර භාගයක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර එය වසර සියයක් ඇතුළත වාර්තා වූ ඉහළම වර්ෂාපතනයයි.

ෆුජිඈන් නමැති නගරය අවට දස දහසකට අධික ගස් ඉදිරී වැටී තිබේ.

ප්‍රවාහන සේවය සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබෙන අතර ප්‍රදේශ ගණනාවක ගංවතුර තත්වයන් වාර්තා විය.

'සවුඩලෝ' චණ්ඩමාරුතය සෙනසුරාදා තායිවානය හරහා හමා ගිය අතර ඉන් මේ හා සමානම දරුණු විනාශයක් සිදු වී තිබේ.