ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාගසාකියට බෝම්බ හෙළා වසර හැත්තෑවක්

වසර හැත්තෑවකට ඉහතදී ඇමරිකානු හමුදා විසින් හෙළන ලද පරමාණු බෝම්බයෙන් මරුමුවට පත් ජපානයේ නාගසාකි නගරයේ වැසියන් සිහි කෙරෙයි.

යුද විරෝධී සාමවාදී ජපාන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට වත්මන් ආණ්ඩුවේ වන සැලසුම්, අනුස්මරණ උත්සවය ඇමතූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් වැඩිහිටියකුගේ සහ නගරාධිපතිවරයාගේ විවේචනයට ලක් වී තිබේ.

ප්‍රසිද්ධියේ සිදු කළ එම විවේචනයන්ට පැමිණ සිටි ජනතාව අත්පොළසන් දෙමින් ප්‍රතිචාරය පළ කළහ.

එම ව්‍යවස්ථා සංශෝධනය ජපානය තුළ මතභේදයට ලක් වී ඇති අතර අනුස්මරණ උත්සවයට ජපාන අගමැති ශින්සෝ අබේ එක් වී සිටියේය.

පිපිරීමට හසු වී හෝ එයින් නිකුත් කෙරුණ විකිරණ හේතුවෙන් හැත්තෑ දහසකට අධික පිරිසක් මරුමුවට පත් වූහ.

ඇමරිකානු හමුදාවේ පළමු පරමාණු බෝම්බ ඉලක්කය වූයේ හිරෝෂිමා නගරයයි.

ඇමරිකානු හමුදා නාගසාකි නගරයට පරමාණු බෝම්බයක් හෙළුවේ හිරෝෂිමා පිපිරුමෙන් දින තුනකට පසුවයි.

මෙතෙක් ලෝකයේ පරමාණු බෝම්බ හෙළන ලද පළමු හා අවසාන අවස්ථා ලෙසින් හිරෝෂිමා නාගසාකි ඛේදවාචකයන් ඉතිහාසයට එක් වේ.