ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුවන් අනතුර: මිය ගිය සංඛ්‍යාව 'ඉහළ යා හැකියි'

එංගලන්තයේ සසෙක්ස්හි පැවති ගුවන් යානා සංදර්ශනයක් අතරතුර සිදු වූ ජෙට් යානා අනතුරෙන් හත් දෙනකු මරුමුවට පත් වී ඇති බව පොලිසිය පවසයි.

ජෙට් යානය කඩා වැටී ඇත්තේ ගුවන් පථය නුදුරින් පිහිටි මාර්ගයකටයි.

අනතුර හේතුවෙන් දාහතර දෙනෙකු තුවාල ලබා ඇති අතර ගුවන් යානය කඩා වැටුණු ස්ථානයෙන් තවත් මළසිරුරු හමු වනු ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

රෝහල් ගත කර සිටින ගුවන් යානා නියමුවා අසාධ්‍ය තත්වයෙන් පසු වන බවයි පොලිසිය කියා සිටියේ.

මාර්ගයේ ගමන් ගත් රථවාහන කිහිපයකට දැඩි හානි සිදු වී තිබේ.

විමර්ශන කණ්ඩායම් ගුවන් යානා අනතුරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.