ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයිඑස් කැරලිකරුවෝ ලෝක උරුමයක් 'විනාශ කරති'

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයේ කැරලිකරුවන් විසින් පැල්මයිරා නගරයේ පෞරාණික පූජස්ථානයක් විනාශ කොට ඇතැයි සිරියානු බලධාරීහු පවසති.

බාල්ශමින් පූජස්ථානය වසර දෙදහසකට වඩා පැරණි බවයි පැවසෙන්නේ.

පසුගිය මැයි මාසයේදී අයිඑස් සටන්කරුවන් විසින් පැල්මයිරා නගරයේ බලය අත්පත් කර ගත් අතර යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙස නම් කරන ලද ස්ථාන විනාශ කෙරෙනු ඇති බවට බිය පළ විය.

මේ අතර බ්‍රිතාන්‍ය මූලස්ථානයක කොට ගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනයක් වාර්තා කළේ මීට මසකට පෙර මෙම පූජස්ථානය විනාශ කරනු ලැබ ඇති බවයි.