ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'එරිකා' කුණාටුවෙන් ඩොමිනිකා රාජ්‍යයට දැඩි හානි

ඩොමිනිකා රාජ්‍යය හරහා හමා ගිය නිවර්තන කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම්වලට හසු වී විසි දෙනෙක් මරුමුවට පත් වී තිබේ.

මරුමුවට පත් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

'එරිකා' කුණාටුව හේතුවෙන් රටෙහි සංවර්ධනය වසර විස්සකින් ආපස්සට ගොස් ඇති බව ඩොමිනිකා රාජ්‍යයේ අගමැතිවරයා කියා සිටියේය.