ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමරිකානු ජනපතිවරණයට රැප් ගායක කාන්යේ වෙස්ට්?

2020 වසරේ ඇමරිකානු ජනපතිවරණයට තරඟ කිරීමට තමාට අවශ්‍ය බව රැප් ගායක කාන්යේ වෙස්ට් පවසයි.

කාන්යේ වෙස්ට් රූපවාහිනී තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සැමියායි.

රැප් ගායකයා ඉහත කී අදහස පළ කළේ ලොස් ඇන්ජලිස් නුවර පැවති එම්ටීවී සංගීත සම්මාන උළෙලට සහභාගී වූ හොලිවුඩ් තරු අමතමින්.

ලොව සිටින ඉහළම පෙළේ රැප් ගායකයා තමා බව කාන්යේ වෙස්ට් මෑතකදී පැවසීය.

වේදිකාවට නැගීමට පෙර ගංජා දුම් පානය කළ බවට රැප් ගායකයා සිදු කර තිබුණු පාපොච්චාරණය කොතරම් අවංක දැයි යන්නත් පැහැදිලි නැත.