ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කෙම් බිමක් සොයා පා ගමනින්

පිළිසරණක් නොමැතිව හංගේරියාවේ සිටි තවත් සංක්‍රමණිකයින් දහස් ගණනක් ඕස්ට්‍රියාව සහ ජර්මනිය බලා යමින් සිටිති.

වියානා අගනුවර බලා යෑමට ප්‍රථම පා ගමනින් සහ බස් හා දුම්රිය ඔස්සේ පැමිණි සංක්‍රමණිකයෝ හංගේරියාව සහ ඕස්ට්‍රියාව අතර වූ දේශ සීමාවට ළඟා වූහ.

සංක්‍රමණිකයන්ගෙන් වැඩි දෙනෙක් සිරියානු ජාතිකයෝ වෙති.

සෙනසුරාදා වන විට දස දහසකට ආසන්න සංක්‍රමණිකයන් පිරිසක් ඕස්ට්‍රියාවට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

එම පිරිසෙන් වැඩි දෙනෙක් ජර්මනිය බලා යමින් සිටිති.

Image copyright Getty
Image caption හංගේරියාවේ සිට මියුනික් නගරයට පැමිණි සරණාගතයින්

ජර්මනිය වෙත පළමුව පැමිණි සංක්‍රමණිකයින් පිරිස මියුනික් නුවරදී ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.

සංක්‍රමණික අර්බුදය හා ඒ සඳහා වන සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජර්මානු ආණ්ඩුවේ ප්‍රධානීන් රැස් වීමට නියමිතයි.

හංගේරියානු ආණ්ඩුව විසින් සංක්‍රමණිකයන්ට දුම්රිය භාවිතය වළකා තහංචි පනවා තිබූ අතර බුඩපෙස්ට් අගනුවර සිට ඕස්ට්‍රියානු දේශ සීමාව දක්වා පයින් ගමන් ගත් සිය ගණනක් සංක්‍රමණිකයින් ඉහළ අහසේ සිට දර්ශනය වූ අයුරු ඉහත වීඩියෝවේ දැක්වේ.

බුඩපෙස්ට් අගනුවර සිට ඕස්ට්‍රියානු දේශ සීමාවට ඇති දුර සැතපුම් සියයක්.