ඉන්දියාවේ සෞදි රාජ තාන්ත්‍රිකයෙකුට දූෂණ චෝදනා

Image copyright Reuters
Image caption සේවය කළ නිවසේ මාස ගණනාවක් සිර කරගෙන තමන්ව දුෂණයට ලක් කළ බවයි නේපාල කාන්තාවන් දෙදෙනා පවසන්නේ

සෞදි අරාබි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් නේපාල ජාතික මෙහෙකාරියන් දෙදෙනෙකුව වාර ගණනාවක් දුෂණයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති බව ඉන්දියානු පොලිසිය පවසයි.

එම සෞදි අරාබි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා විසූ දිල්ලි අගනුවරට ආසන්නයේ පිහිටි නිවසේ

සිර කර ගෙන ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් තමන්ට ලිංගික අඩන්තේට්ටම් කළ බවයි එම නේපාල කතුන් පොලිසියට පවසා ඇත්තේ.

ඉන්දියාවේ සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇති නමුත් එම සෞදි අරාබි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඇති බවයි පොලිසිය පවසන්නේ.

දහස් ගණන් නේපාල කතුන් ඉන්දියාවේ සහ මැද පෙරදිග මෙහෙකාර සේවයේ යෙදෙන අතර ගෘහ සේවිකාවන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියා කාරී කණ්ඩායම් පවසන්නේ ඔවුන් බොහෝ දෙනෙක් සිය හාම්පුතුන්ගේ ලිංගික අඩන්තේට්ටම් වලට ලක් වන බවයි.