පුපුරා ගිය ආපන ශාලාවේ හිමිකරු සොයා මෙහෙයුම්

Image copyright Reuters

නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ අනතුරට පත් ආපන ශාලාවේ අයිතිකරු සොයා මෙහෙයුම් දියත් කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

ආපන ශාලාවේ සිදු වූ පුපුරා යෑමෙන් අනූ දෙනක් මරුමුවට පත් වූහ.

දෝෂ සහිත ගෑස් සිලින්ඩරයක් නිසා නොව විදුලි කාර්මික දෝෂයක් පිපිරීමට හේතු වී ඇතැයි විශ්වාස කරන බවයි පොලිස් විමර්ශන කණ්ඩායම කියා සිටියේ.

පිපිරීම සිදු වූ ආපන ශාලාව පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේයි.

Image copyright AFP

අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රාන්ත මහ ඇමතිවරයා ඉරිදා පැමිණ තිබේ.

පිපිරීම සිදු වන මොහොතේ කාර්යාල සේවකයන්ගෙන් සහ උදෑසන ආහාරය ගනිමින් සිටි පාසැල් ළමුන් ගෙන් ආපන ශාලාව පිරී පැවතිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර