ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වසර හැත්තෑවකට පසු යළි එක් වූ නිවුන් පෙම

දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් භාගයේ උපන් මොහොතේදීම එකිනෙකාගෙන් වෙන් වූ නිවුන් සොහොයුරන් දෙදෙනකු වසර හැත්තෑවකට පසු යළි එක් වී තිබේ.

පෝලන්ත ජාතික මවකට දාව ජර්මනියේදී ජෝර්ජ් ස්ක්රිසිනේස්කි සහ ලූෂන් පොස්නන්ස්කි මේ වන විට හැට නව වන වියේ පසුවෙති.

ඔවුන්ගේ මව පෝලන්තයේ සිට ජර්මනියේ වහල් කඳවුරකට පිටත් කොට ඇති අතර ඉන් පසු නිවුන් බිලිඳුන් දෙදෙනා උපත ලබා තිබේ.

මව රෝගාතුර වීමත් සමග බිලිඳුන් දෙදෙනා හදා වඩා ගැනීම දුෂ්කර වී ඇති බැවින් ඔවුන් නැවත පෝලන්තය බලා පිටත් කොට එවීමට කටයුතු සැලසිණි.

පෝලන්තය බලා එවූ නිව්න් දරුවන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වී හැදී වැඩී තිබේ.

පුරා වසර ගණනාවක් යන තුරු තමන්ට නිව්න් සොහොයුරකු සිටින බව දෙදෙනාගෙන් එක් අයෙක් හෝ නොදැන සිටියහ.

රතු කුරුස සංවිධානය ඔස්සේ පවුලේ විස්තර සොයා ගැනීමත් සමග නිව්න් සොහොයුරෝ දේපළ පෝලන්තයේදී යළි එක් වූහ.