කුල ප්‍රජාව වෙනුවෙන් සටන් වදින පටෙල්

Image copyright AFP

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පටෙල් කුලයට අයත් සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද අති විශාල පා ගමනක් නවතා දැමීමට ප්‍රාන්ත බලධාරීන් විසින් පියවර ගනු ලැබ තිබේ.

තරුණ පටෙල් නායකයකු රැඳවුම් භාරයට ගෙන ඇති අතර ප්‍රාන්තය පුරා ජංගම දුරකථන සහ අන්තර්ජාල පහසුකම් නවතා දමා ඇති බවයි පැවසෙන්නේ.

වයස විසි දෙකක තරුණයකු වන හාර්දික් පටෙල් (Hardik Patel) විසින් තම ප්‍රජාව වෙනුවෙන් අති විශාල ජනතා රැළි පවත්වා ඇති අතර බොහෝ දුරට සමෘද්ධිමත් තත්වයෙන් යුතු වූවන් වුවද තවත් සමහර කුල වලට ලබා දී තිබෙන අයුරින් පටෙල් කුලයට ද රැකියා කෝටා අවශ්‍ය බවයි ඔහු පවසන්නේ.

පසුගිය අගොස්තු මාසයේ හාර්දික් විසින් සංවිධානය කරන ලද රැළියක දී හට ගත් කලහකාරී තත්වය හේතුවෙන් නම දෙනෙකු මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.

හාර්දික් පටෙල් රඳවාගෙන ඇත්තේ විශාලතම නගරය වන අහමදාබාද් නගරය දක්වා යාමට නියමිතව තිබූ පාගමනේ ආරම්භක ස්ථානය වන සුරට් (Surat) නගරය තුළයි.