ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාක්ෂණය අධ්‍යාපනයට පිටිවහලක්ද?

ලෝකය පුරා මිනිසුන් රැකියා කරමින් ජීවත් වන්නේ කෙසේදැයි විමසා බලන සංවිධානයක් වන OECD මගින් කරන ලද නව සමීක්ෂණයකට අනුව පරිගණක සහ ‘ටැබ්ලට්’ වැනි ජංගම පරිගණක පන්ති කාමර තුළ යොදා ගැනීම මගින් යහපත් ධනාත්මක ප්‍රතිඵල වලට වඩා බොහෝ විට ඍණාත්මක හෝ අයහපත් ප්‍රතිඵල රැගෙන එන බවට අදහස් පල වී තිබේ.

ලෝකය පුරා පාසැල් අතර කරන ලද ඉහත කී සමීක්ෂණයට අනුව තාක්ෂණය පන්ති කාමර තුළට ගෙන ඒම පිණිස ඩොලර් බිලියන ගණනින් වැය කල ද පන්ති කාමර අධ්‍යාපනය තුළ කෙරෙන ගණිතය, කියවීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ වල වර්ධනයක් පෙන්වීම සඳහා මෙම නව තාක්ෂණය යොදා ගැනීම තුළින් අවධානයට යොමු වන අන්දමේ දායකත්වයක් නොලැබෙන බවයි පැවසෙන්නේ.

කෙසේවුවද මේ පිලිබඳ විවිධාකාර අදහස් පවතින බවයි ඉහත වීඩියෝව බලන විට පෙනී යන්නේ.