ආබාධිත සිරකරු මරණයෙන් බේරේ

Image caption පසුගිය මාසයේ ලාහෝර් බන්ධනාගාරයේ දී ඔහුට එරෙහි මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට නියමිතව තිබුනත් එය ක්‍රියාවට නැවීම කල් ගොස් තිබුණි

අද දින එල්ලා මරා දැමීමට නියමිතව සිටි දෙපා පන නැති ආබාධිත සිරකරුවකුට මරණ දඬුවම ලබා දීම පාකිස්තාන බලධාරීන් විසින් ප්‍රමාද කොට තිබේ.

එල්ලා මරා දැමීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියට අනුව මරණ දණ්ඩනයට නියම වූ පුද්ගලයා එල්ලුම් ගස දක්වා ඇවිද ගොස් ඒ ඉදිරියේ සිට ගත යුතු වේ.

බන්ධනාගාර ගත කරනු ලැබීමෙන් පසු චුදිතයාගේ සිරුරේ ඉණෙන් පහළ පණ නැති වූ අතර ඔහු ජීවත් වන්නේ රෝද පුටුවක ආධාරයෙනි.

එල්ලා මරා දැමීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියට යටත්ව රෝද පුටුවක් මත සිටින අබ්දුල් බසිට් නමැති ආබාධිත සිරකරුවා එල්ලා මරා දැමිය නොහැකි බවයි අධිකරණ විනිසුරුවරයා කියා සිටියේ.

Image caption බන්ධනාගාර ගතකරනු ලැබීමෙන් පසු චුදිතයාගේ සිරුරේ ඉණෙන් පහළ පණ නැති වූ අතර ඔහු ජීවත් වන්නේ රෝද පුටුවක ආධාරයෙනි

ඉදිරි දිනකදී ඔහු එල්ලා මරා දමන්නේද නැද්ද යන්න මේ දක්වා පැහැදිලි වී නොමැත.

මිනී මැරුමක් සම්බන්ධයෙන් චෝදනා ලද අබ්දුල් බසිට් මෙයින් අවුරුදු හයකට පෙර එම චෝදනා වලට වැරදිකරු කෙරුණ අතර ඔහු කියා සිටින්නේ තමා එම චෝදනාවලට නිවැරදිකරු වන බවයි.

අබ්දුල් බසිට් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් කියා සිටින්නේ තම ආබාධිත සේවාදායකයා මරා දමනු ලැබීම කෘර ක්‍රියාවක් වන බවයි.

පාකිස්තානය 2014 දෙසැම්බර් වසරේ මරණ දඬුවම නීතිගත කරනු ලැබීමෙන් අනතුරුව මේ වන විට දෙසීයකට අධික පිරිසක් මරා දමනු ලබා ඇත.

Image copyright Getty
Image caption පාකිස්තාන රැඳවියන් 8000ක් මරණීය දණ්ඩනයට යටත් වූවන්ගේ පෝලිමේ පසු වන බවයි වාර්තා වන්නේ

පාකිස්තාන් බලධාරීන් විසින් මරණ දඬුවම නීතිගත කරන ලද්දේ ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය උපාංගයක් ලෙස හඳුන්වා දෙමිනි.

මරණ දණ්ඩනයට නියම වූ සිරකරුවන් වැඩිම සංඛ්‍යාවක් සිටින රට පාකිස්තානයයි.

පාකිස්තාන රැඳවියන් 8000ක් මරණීය දණ්ඩනයට යටත් වූවන්ගේ පෝලිමේ පසු වන බවයි වාර්තා වන්නේ.