පසුගිය සතියේ ඔබ දැන නොසිටි කරුණු පහක්

  • 2015 සැප්තැම්බර් 22
Image caption එය කෙතරම් දුර්ලභ ඡායාරූපයක්ද යන්න ඡායාරූප ශිල්පිණියට වැටහුණේ පසුව සිය ඇල්බමය පිරික්සා බලද්දීය

1. සීල් මත්ස්‍යයෙකුට තල්මසකු මත ලිස්සා යා හැකි බව ඔබ දැන සිටියාද?

නිව් සවුත් වේල්ස්හි වෙරළට ඔබ්බෙන් තල්මසකු මත ලිස්සා යන සීල් මත්ස්‍යයකුගේ ඡායාරූපයක් ගැනීමට ඕස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පිනියක වන රොබින් මැල්කම්ට හැකිවිය.

එය කෙතරම් දුර්ලභ ඡායාරූපයක්ද යන්න ඇයට වැටහුණේ පසුව සිය ඇල්බමය පිරික්සා බලද්දී.

2. බ්‍රිතාන්‍යයේ වාසනාවන්තම නගරය පෝට්ස්මත් බව ඔට්ටු අල්ලන්නන් පිළිබඳ වෙබ් අඩවියක් කළ සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

Image copyright NPL
Image caption ජිරාෆ් ලාට කිසිදු ශබ්දයක් නිකුත් කළ නොහැකි බවයි කාලාන්තරයක් මුළුල්ලේ බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබුණේ

සිය වෙබ් අඩවිය ඔස්සේ ඔට්ටු අල්ලා ජයග්‍රහණය කළ පුද්ගලයන් පිළිබඳව දත්ත රැස් කිරීමෙන් අනතුරුවයි එම නිගමනයට එළඹී තිබෙන්නේ.

ලිවර්පූල් නගරයට දෙවැනි ස්ථානය හිමි වී ඇති අතර, මැන්චෙස්ටර් නගරයට හිමි වී තිබෙන්නේ සිවු වැනි ස්ථානය.

3. ජිරාෆ් වරුන් සිය සැන්දෑ කාලය ගත කරන්නේ එකිනෙකාට සමීප වී මුමුණමින්.

ජිරාෆ් ලාට කිසිදු ශබ්දයක් නිකුත් කළ නොහැකි බවයි කාලාන්තරයක් මුළුල්ලේ බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබුණේ.

එනමුත් ජිරාෆ් ලා නිකුත් කරන ශබ්ද පැය 1000 ක් මුළුල්ලේ පටිගත කළ ඕස්ට්‍රියානු විද්‍යාඥවරියක විසින් නව සොයා ගැනීම කරනු ලැබ ඇති බව නිව් සයන්ටිස්ට් සඟරාව වාර්තා කරනවා.

Image copyright AFP
Image caption මී මැස්සෙක් දෂ්ට කළොත් සිරුරේ වැඩිම වේදනාවක් දැනෙන ස්ථානය කුමක්ද?

4. මී මැස්සෙක් දෂ්ට කළොත් සිරුරේ වැඩිම වේදනාවක් දැනෙන ස්ථානය කුමක්ද කියා ඔබ දන්නවාද?

ඒ නාස් පුඩුව බව බිස්නස් ඉන්සයිඩර් සඟරාව පවසනවා.

5. ඔබේත්, මගේත් උපන්දින සාදයේදී ගැයෙන 'Happy Birthday To You' ගීතය චිත්‍රපටයක හෝ රූපවාහිනී නාලිකාවක ගායනා කළහොත් කිසියම් සමාගමකට කර්තෘ අයිතිය වෙනුවෙන් මුදලක් ගෙවිය යුතු බව ඔබ දැන සිටියාද?

එම ගීතයේ හිමිකම දරන සමාගම එයින් වසරකට ඩොලර් මිලියන දෙකක පමණ ආදයමක උපයන බව පෙන්වා දෙන නතාලි විලකොර්තා මාධ්‍යවේදිනිය, මේ තත්වය ළඟදීම වෙනස් වනු ඇති බවත් පවසනවා.

සොහොයුරියන් දෙදෙනකු විසින් එම ගීතය රචනා කර තිබෙන්නේ 19 වැනි ශතවර්ෂයේදී.