ෆෝක්ස්වාගන් මෝටර් රථ අර්බුදයක්

Image copyright Reuters

ෆෝක්ස්වාගන් ඩීසල් මෝටර් රථ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව දකුණු කොරියාව ප්‍රකාශක කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කළ දුම් පරීක්ෂාව පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් ෆෝක්ස්වාගන් සමාගම වංචා කිරීම් සිදු කොට ඇති බව හෙළි වීමෙන් පසුවයි දකුණු කොරියාව මේ බව නිවේදනය කළේ.

2014 සහ 2015 යන වසර වලදී නිෂ්පාදිත , VW Jetta, Golf සහ Audi A3 යන මෝටර් රථ ඇතුළු මෝටර රථ පන් දහසක් පමණ පරීක්ෂාවට ලක් කරන බවයි දකුණු කොරියානු රජය පැවසුවේ.

නොවැම්බර් මාසය අවසානය වන විට පරීක්ෂණ වාර්තා අවසන් කරන බව නිලධාරීහු පැවසූහ.

Image copyright AFP

මෝටර රථ ලක්ෂ පහක් පමණ ආපසු කැඳවන ලෙසට ඇමරිකාව ඉකුත් සතියේදී ෆෝක්ස්වාගන් සමාගමට නියෝග කළ අතර ඊට අදාලව ඩොලර් බිලියන ගණනක දඩ මුදලක්ද ගෙවීමට සිදු වේ.

සමාගමේ ප්‍රධාන විධායක මාර්ටින් වින්ටර්කොර්න් (Martin Winterkorn) මේ සම්බන්ධයෙන් කනගාටුව පල කොට තිබේ.