ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දීය අගමැති මෝදි හැඬුම්බර වූයේ ඇයි?

දේශපාලනය තුළ සමාජ මාධ්‍යයට කළ හැකි බලපෑම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇගයීමට ලක්විය.

ඉන්දීය අගමැතිවරයා එම අදහස් පළ කළේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පිහිටි ෆේස්බුක් මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින්.

හෝරාවක් පුරා පැවති සංවාදය මෙහෙය වූයේ ෆේස්බුක් නිර්මාතෘ මාක් සුකර්බර්ග් විසින්.

පාලන අධිකාරියේ වැරදි පෙන්වා දී නිවැරදි දිශාවට ගමන් කිරීමට සමාජ ජාල මඟ පෙන්වන බවයි ඉන්දීය අගමැතිවරයා කියා සිටියේ.

හැටපස් වියැති ඉන්දීය අගමැතිවරයා සිය දස ලක්ෂ සංඛ්‍යාත ආධාරකරුවන් හා අදහස් හුවමාරු කර ගැනීම සඳහා ෆේස්බුක් සහ ට්විටර් යන මාධ්‍ය ජාල දිනපතා යොදා ගනියි.

සිය මව විසින් කරනු ලැබූ කැපකිරීම් පිළිබඳ අගමැතිවරයා එහිදී අදහස් දැක්වූවේ හැඬුම්බරවයි.