ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහදැනමුත්තා නුදුටු දිවියෙක්

ඇලුමිනියම් මුට්ටියක ගෙල සිර කර ගත් දිවියෙකු පිලිබඳ කතාවක් මේ.

සිද්ධිය වාර්තාවන්නේ ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ ගම්මානයකින්.

දිවියා පුරා පැය පහකට අධික කාලයක් සැරිසරමින් සිටි බවටයි වාර්තා වන්නේ.

දිවියා වනාන්තරයෙන් පිටතට පැමිණ බීමට ජලය සොයා යාමේදී මෙලෙස මුට්ටියක හිස සිර කර ගන්නට ඇති බවයි ගම් වැසියන් වාර්තාකරුවන් සමග පැවසුවේ.

ව්‍යාකූලත්වයටත් භීතියටත් පත් දිවියා මුට්ටිය හිසේ සිර කර ගෙන ගම්මානය පුරා ඇවිදින්නට වූ අතර ප්‍රදේශ වාසීන් විසින් මේ සිදුවීම සිය ජංගම දුරකථන මගින් රූගත කිරීමටත් ඡායාරූප ගැනීමටත් පටන් ගෙන තිබේ.

පසුව ගම්මානයට පැමිණි වනජීවි නිලධාරීන් විසින් දිවියා නිර්වින්දනය කොට ඇලුමිනියම් මුට්ටිය කපා හුස්ම ගැනීමේ අපහසුවෙන් සහ පිපාසයෙන් පීඩා විඳිමින් සිටි දිවියා ගලවා ගෙන තිබේ.

මෑතකදී සිදු කෙරුණ වන සත්ව සංගණන වාර්තාවකට අනුව මේ වන විට ඉන්දියාවේ දිවියන් 12 000ත් 14 000ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව හෙළි වී තිබේ.