සමලිංගිකත්වය ගැන රදගුරු සමුළුවේ මතභේද

Image copyright AFP

වෙනස් වෙමින් පවතින පවුල් සම්බන්ධතා පිළිබඳ කතෝලික සභාවේ ආකල්පය සාකච්ඡා කිරීමට යෝජිත රදගුරුවරුන්ගේ සමුළුවක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේදී ආරම්භ විය.

දික්කසාදය සහ සමලිංගිකත්වය වැනි කරුණු පිළිබඳව කතෝලික සභාවේ සාම්ප්‍රදායවාදීන් සහ නවීකරණවාදීන් අතර පවතින මතභේද සති තුනක් මුළුල්ලේ පැවැත්වෙන සමුළුවේදී සාකච්ඡාවට භාජනය වනු ඇතැයි අපේක්ෂිතයි.

රදගුරු සමුළුව ආරම්භයේදී දේව මෙහෙයක් ඇමතූ ශුද්ධෝත්තම පාප් වහන්සේ, කතෝලික සභාවේ ඉගැන්වීම් අනුගමණය කළ නොහැකි බැතිමතුන් කෙරෙහි සානුකම්පිත ආකල්පයක් දක්වන මෙන් ඉල්ලා සිටියහ.

Image copyright AFP

කෙසේ නමුත් සභාවේ මූලික සම්මතය බහුලිංගික විවාහය බව උන්වහන්සේ අවධාරණය කළහ.

කෙසේ නමුත් පවුල් සම්බන්ධතා පිළිබඳ සභාවේ සාම්ප්‍රදායික මතය මෙහිදී සංශෝධනය වනු නැති බවයි සැලකෙන්නේ.

රදගුරු සමුළුව ආරම්භවීමට ප්‍රථම සමකාමී සම්බන්ධතා පිළිබඳ කතෝලික සභාවේ ආකල්ප විවේචනයට ලක් කළ පෝලන්ත ජාතික පූජකවරයකු වතිකානයේ ඔහු දැරූ පදවියෙන් ඉවත් කෙරින.

තමන් සමරිසි ප්‍රේම සම්බන්ධයක වෙලී සිටින බවට පෝලන්ත ජාතික ක්‍රිස්ටෝෆ් චරම්සා (Kryzsztov Charamsa) දේවගැතිවරයා කළ හෙළිදරවුව රෝමානු කතෝලික සභාවේ බලවත් කෝපයට හේතු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර