IS කැරලිකරුවෝ ඉරාක් ගෝත්‍රික ජන සංහාරයක

Image copyright b
Image caption IS කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සුන්නි සටන්කාමීන්

ඉරාකයේ ඉස්ලාමීය කැරලිකරුවන් විසින් ඇම්බර් පළාතේ ගෝත්‍රික ජනාවාශයක හැත්තෑ දෙනකු පමණ මරා දමනු ලැබ ඇත.

ප්‍රහාරයට ගොදුරු වූ ‘අල්බු නිම්ර්’ (Albu Nimr) නම් ගෝත්‍රයේ ප්‍රධානියා බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ,ඉරිදා (04) රාත්‍රියේ එම ඝාතන සිදු කෙරුණ බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, සිය ගෝත්‍රයේ ඇතැමුන්ගේ නෑදෑයන් ඉරාක් ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන්හි රැකියා කරන හෙයින් ඉස්ලාමීය කැරලිකරුවන් ඉහත කී ඝාතන සිදු කරන ලද බවයි සඳහන් කළේ.

Image copyright b
Image caption ඇන්බර් පළාතේ සිතියම

ජිහාඩ්වාදීන්ට එරෙහිව පසුගිය කාලයේ සිදු කළ අරගලයේ දී ‘අල්බු නිම්ර්’ (Albu Nimr) නම් ගෝත්‍රිකයෝ ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කළහ.

ඉස්ලාමීය කැරලිකරුවන් පසුගිය වසරේ එම ගෝත්‍රයේ සාමාජිකයන් සිය ගණනක් සමූහ වශයෙන් ඝාතනය කළ නමුත් ගෝත්‍රිකයන් කියා සිටින්නේ IS විරෝධී සටන දිගටම ගෙන යන බවයි.