ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කැරොලිනාවේ ගංවතුරින් නවයක් මරුට

උතුරු සහ දකුණු කැරොලිනාවේ පවතින දැඩි ගංවතුර තත්වය හේතුවෙන් නව දෙනෙක් මරුමුවට පත් වෙති.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු කැරොලිනාවේ පාසල් සහ බොහොමයක් මහා මාර්ග වසා දමා තිබේ.

මෙම අයහපත් කාලගුණික තත්වයට බොහෝ සෙයින් බලපා ඇත්තේ කැරිබියන් කලාපයේ ඇති වී තිබෙන කුණාටු තත්වයයි.

පිටතට නොගොස් සිය නිවෙස් වල රැඳී සිටින මෙන් දකුණු කැරොලිනාවේ ආණ්ඩුකාරවරිය ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටියි.

ඇමරිකානු ජනපති බරක් ඔබාමා දකුණු කැරොලිනාව තුළ හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.